අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

සබරගමු පළාතේ මිණිකැට වලට පසිදු රුවන්පුරයේ විදුබිම් අතර අඩසිය වසකටත් අධික කාලයක් දිදුලන විදුබිමක් ලෙස හිරමඩගම මෙත් මහා විදුහල හෑදින්විය හැකිය.
ප‍්‍රදේශයේ සුවහසක් දූ පුතුනගේ නැණ ණුවණ පදා සමාජයට වැඩදායි පුරවැසියන් ලෙස ඔවුන් මෙරටට දායාද කිරිමට ගත් වෙහෙස අති උදාරය අප‍්‍රමාණය. මෙත් විදුහල් මව් සෙවනේ සිප් කිරි බිව් දු පුතුන් නෑණ ගුණ සපිරි දරුවන් ලෙස සමාජයට දායාද කල බවට අද වන විට ඉහළ නිලතල හොබ වමින් අභිමානවත් මෙත් ආදි සිසුන් ලෙසින් දිවයින පුරා විවිධ ක්ෂේත‍්‍ර වල කටයුතු කරන දරුවන් ජීවමාන සාක්ෂීකරුවෝ වෙති.
අතීතයේ රුවන්පුරයේ ශිල්පිය කර්මාන්ත පහකට අධ්‍යාපනය ලබාදුන් එකම පාසල ලෙසින් ප්‍රකට අප පාසල මේ වනවිටත් ප්‍රදේශයේ දූ දරුවන්ට දිවිමන් තරණය කරන්නට මං හතර කියාදෙමින් ගෙනයන අනුපමේය සේවය අනාගත පරපුර වෙත තිළිණ කරන්නට අපි මෙත් විදුහල් මව්නට දිගාසිරි පතමි.







