පොදු ජන යහපත සැලසිමේ අපේක්ශාවන් පෙරටු කොට ගෙන, හිරමඩගම අවට ප‍්‍රදෙශවාසින්ගේ සහයොගය ලබා ගෙන බාල පරපුරට ශාස්ත‍්‍රිය වශයෙන්ද, වෘතීමය වශයෙන්ද සුදුසු අධ්‍යාපනයක් ලබා දිම උදෙසා, හිරමඩගම වලව්වේ විසු එම්.බි.ඊ.ගෞරව නාමධාරි සාමදාන විනිශ්චයකාර වරයෙකු වශයෙන් සිටි ඊ.ඒ.දෙල්ගොඩ මැතිතුමා මෙම පාසල ආරම්භ කිරිමට මුලික වශයෙන් කටයුතු කරන ලදි.
1933 සැප්තැම්බර් මස 02 දින ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිස් දෙදෙනෙකුගෙන් හා එකම ආචාර්ය වරයෙකුගෙන් යුක්තව ස්වභාෂා පාසලක් ලෙස මෙය ආරම්භ කරන ලදි. මුලින්ම මෙම පාසල හැදින්වුයේ දෙල්ගොඩ මෛත‍්‍රීය විද්‍යාලය යන නමිනි. ඇතුලත් වීමේ ලේඛන අනුව ආරම්භක ශිෂයා වශයෙන් පසලට ඇතුලත්වී ඇත්තේ සිරිල් නැදුන්ගමුවේ මහතාය. පළමු ශිෂ්‍යයා විදයාලයට භාර ගන්නා ලද්දේ 1933 සැප්තැම්බර් 03 වැනි දිනයි.අඩි 40*20 දිග පළල ඇති ගොඩනැගිල්ලකින් පාසල ආරම්භ කරන ලදි. 1993 සැප්තැම්බර් මස 26 වන දින වන විට ළමුන් ගණන 85ක් පමණ විය. පාසලේ ප‍්‍රථම මුල් ගුරුතුමා ආර්.එල්. ඩිංගිරිහමි මහතාය.1934 අප්‍රෙල් මස වන විට උපගුරුවරු ගණන තිදෙනෙක් විය.1934 මැයි 02 වන දින ආර්.එල්.ඩිංගිරිහාමි මහතා විසින් එන්.පී.ගුනතිලක මහතාට මුල් වු ගුරු තනතුරේ වැඩ භාර දෙන ලදි.එවකට ළමුන් 143 ද ගුරුවරු තිදෙනෙක්ද සිටින ලදි.එවකට ද කලමනාකරණ කටයුතු කලේ ඊ.එ.දෙල්ගොඩ මැතිතුමාය.
1934 වන විට මෙම පාසලේ පේෂ කර්මාන්තය ඉගැන්විම ආරම්භ කරන ල්දි.පසුව 1935 දි වඩු කර්මාන්තය,කොහු කර්මාන්තය,උඩරට නැටුම් කලාව ඉගැන්විම ආරම්භ කරන ලදි.1936 දි වේවැල් හා ලාකඩ කර්මාන්තයද පටන් ගත්තේය.මෙම කර්මාන්ත ආරම්භ කිරිමෙන් පසු මෙම පාසල කර්මාන්ත අනුබද්ධිත පාසලක් වශයෙන් පැවතිණි.

| ආරම්භ කළ වර්ෂය |
1933 සැප්තැම්බර් මස 02 දින |
| එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව | 01 |
| පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව | 32 |
| මුල් ගුරුතුමාගේ නම |
ආර්.එල්. ඩිංගිරිහමි මහතාය |
| පාසලේ ආදි කතෘගේ නම |
ඊ.ඒ.දෙල්ගොඩ මැතිතුමා |
| පාසලේ මුල් ගොඩනැගිලි ගණන | 01 |
| පාසලේ නම | ර/ඇඹි/හිරමඩගම මෛත්‍රීය මහා විද්‍යාලය |
| පාසල භාරව කටයුතු කිරීම | ජී.වී. හල්පොල මහතා |
| පාසල රජයට පවරාගත් දිනය | 1955 ඔක්තෝම්බර් 15 |
| පාසල පැවැත්වූ ස්ථානය | මහනුවර, මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල |
| ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
සිරිල් නැදුන්ගමුවේ මහතා |
| ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1993 සැප්තැම්බර් 03 වැනි දින |